ඔබට ලැබෙන පහසුකම්

  • ආසන 40 කින් සමන්විත අංග සම්පුර්ණ ශ්‍රවණාගාරය
  • කැමරා 03 ක් මගින් වීඩියෝ දර්ශණ ලබා ගැනීමට හැකියාව ඇත.
  • නිශ්චල ඡායා රූප ලබා ගැනීමේ හැකියාව ඇති අතර ඒවායේ මෘදු පිටපත් අවශ්‍ය වන්නේ නම් ලබා ගත හැකිය.
  • ශාලාවට අයත් විශේෂ අමුත්තන්ගේ කාමරය (VIP Room) හා Lobby කොටසද භාවිතා කිරීමට හැකියාව ඇත.
  • සංග්‍රහ කටයුතු සඳහා අවශ්‍ය ආහාරපාන ඔබට බාහිරින් සපයා ගත හැකිය. අවශ්‍ය වන්නේ නම් පමණක් ජනාධිපති කාර්යාලයේ ඇති ශ්‍රී ලංකා නාවික හමුදා සැපයීම් අංශයෙන් ලබා ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කර දිය හැකි අතර එසේ නාවික හමුදාව වෙතින් ආහාරපාන ලබා ගන්නේ නම් වැඩසටහන පැවැත්වෙන දිනට වැඩ කරන දින 05 කට පෙර ඇණවුම් ලබා දිය යුතුය.
  • සංග්‍රහ කටයුතු කිරීම සඳහා ශාලාවට පිටතින් ආසන සහිත ස්ථානයක් පවතී.

 

කොන්දේසි

  • මෙම මාධ්‍ය කේන්ද්‍රය වෙන් කරවා ගැනීම, ඊට අදාල අයදුම්පත මගින් පමණක් සිදුකර ගත හැකි අතර එය ජනාධිපති මාධ්‍ය අංශයේ ආයතනික කටයුතු ඒකකයෙන් හෝ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. අයදුම්පත සම්පුර්ණ කර වැඩසටහන පැවැත්වෙන දිනට සති දෙකකට පෙර ජනාධිපති මාධ්‍ය අංශයේ ආයතනික කටයුතු ඒකකය වෙත ඉදිරිපත් කල යුතුය.
  • ශාලාව සඳහා පැයකට රු.10,000 ක මුදලක් අය කරන අතර ඊට අමතරව ආපසු ගෙවනු ලබන රු.10,000.00 ක (Refundable Chargers) තැන්පතු ගාස්තුවක්ද ගෙවිය යුතුය. අදාල වැඩසටහන අවසන් වු පසුව මුදල් ගෙවු රිසිට්පතෙහි මුල් පිටපත සමග ඉල්ලීමේ ලිපියක් ඉදිරිපත් කිරීමෙන් මෙම තැන්පතු ගාස්තුව ආපසු ලබා ගත හැකිය.
  • වෙන් කරනු ලබන දිනට සතියකට පෙර ජනාධිපති කාර්යාලයේ මුල්‍ය අංශය වෙත සියළු මුදල් ගෙවීමට කටයුතු කල යුතුය. කිසියම් ආකාරයකින් ශාලාව ඇතුලත ඇති භාණ්ඩ හා උපකරණ වලට යම් අලභ හානි සිදු වුව හොත් තැන්පතු ගාස්තුවෙන් අයකර ගැනීමට කටයුතු කරනු ලැබේ.
  • ශාලාව ඇතුලත කිසිදු අවස්ථාවක ආහාරපාන ලබාදීම සිදු නොකල යුතු අතර ඒ සඳහා වෙන්කර ඇති කොටස පමණක් භාවිතා කල යුතුය.
  • අදාල වැඩසටහනට සහභාගී වන අයගේ විස්තර ඇතුලත් නාම ලේඛනයක් සම්පුර්ණ කර ඇමුණුම-01 අනුව ජනාධිපති ආරක්ෂක අංශයට ලබාදිම සඳහා වැඩසටහන පැවැත්වෙන දිනට පෙර දින දහවල් 12.00 ට පෙර මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී වෙත ඉදිරිපත් කල යුතුය. (විද්‍යුත් තැපෑල/ Fax )

 

සැ.යු. මෙම තොරතුරු ඉදිරිපත් කිරීම ප්‍රමාද වීමෙන් කාර්යාල පරිශ්‍රයට අතුළු වීමේදී සහභාගී වන්නන් අපහසුතාවයට පත්වීමට ඉඩ ඇත.

ඉහත සඳහන් කරුණු වලට අනුකූලව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය (PMC) කුලී පදනම මත ලබා ගත හැකි අතර ඊට අදාල සියළු සම්බන්ධීකරණ කටයුතු පහත සඳහන් නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

  • මාධ්‍ය සම්බන්ධීකරණය – සුරාජ් අල්විස් මහතා (නියෝජ්‍ය අධ්‍යක්ෂ-විද්‍යුත් මාධ්‍ය) – දුරකථන අංක:- 0777427840
  • ශාලාව වෙන් කිරීම හා මුදල් ගෙවීම් කටයුතු –  ඒ.ඩබ්.අයි.පුෂ්ප කුමාර මහතා – සම්බන්ධීකරණය (කළමනාකරණ සේවා නිලධාරී) – දුරකථන අංක :- 0769905763/0114354354(දිගුව – 5106)
  • සංග්‍රහ කටයුතු සම්බන්ධීකරණය සඳහා – රොෂානි වීරමන් මෙය (සංවර්ධන සහකාර) – දුරකථන අංක :- 0714437881/0114354354(දිගුව – 5086)