සංවර්ධනයේ පූර්ණ ප්රතිලාභ සාධාරණව භුක්ති විඳින සමෘද්ධිමත් සමාජයක් ගොඩනැඟීම වත්මන් රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) පැවැති සාකච්ඡාවේදීය.
පුරවැසියන්ගේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික සුරක්ෂාව වෙනුවෙන් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමඟ එක්ව කටයුතු කිරිමට මෙහිදී සාකච්ඡා විය.
ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම අවශ්‍ය පිරිස් වෙත ණය මුදල් ලබා දීම පිළිබඳවද මෙහිදී අවධානයට යොමු වූ අතර ඒ සඳහා සමෘද්ධි අරමුදලෙන් රුපියල් බිලියන 55ක් වෙන් කිරිමටද යෝජනා කෙරිණි.
ජාතික ප්‍රමුඛතා හා අවශ්‍යතා හඳුනා ගනිමින්, ජාත්‍යන්තර ප්‍රමිතිද සැලකිල්ලට ගනිමින් කාන්තාවන්, ළමුන්, අවදානමට ලක් විය හැකි හා වරප්‍රසාද නොලබන පුද්ගලයන්ගේ සමාජ ආරක්ෂණය හා ආර්ථික සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය නෛතික හා ආයතනික පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමත්‍යාංශයේ ලේකම් මලර්මදී ගංගාදරන් යන මහත්ම මහත්මීහුද, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.