ජනාධිපති කාර්යාලයේ සුබසාධක සංගමයේ මූල්‍ය හා ශ්‍රම දායකත්වයෙන් සංවිධාන කරනු ලබන “වසත් සිරිය 2025” බක් මහ උලෙළ ටොරින්ටන් ක්‍රීඩාංගණයේ හෙට (27) පෙරවරු 6.00 සිට දවස පුරා පැවැත් වේ.
දරුවන්ට හා වැඩිහිටි තරග රැසකින් සමන්විත අතර මෙම බක්මහ උලෙළෙහි සවස අවුරුදු කුමරිය හා අවුරුදු කුමරා තේරීමද සිදු කෙරේ.
සවස 6.00ට ආරම්භ වන අංගම්පොර සංදර්ශනය සහ සංස්කෘතික ප්‍රසංගය මහජනතාවට විවෘත වේ.
“වසත් සිරිය 2025” මියැසි ප්‍රසංගය ගුවන් හමුදා වාදන කණ්ඩායමේ මියුරු ස්වරයට දිවයිනේ ජනකාන්ත කලා ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් රාත්‍රී 7.00 සිට පැවැත් වේ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.