මොණරාගල විජයබාහු ද්විතියික විද්‍යාලයේ සිසුසිසුවියන්ට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාගි වීමට අද (09) අවස්ථාව උදා විය.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය එක්ව පාසල් සිසුන් උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙයට සමගාමීව, “Clean Sri Lanka” වැඩසටහන පිළිබඳව සහ එහි සංකල්පමය වටිනාකම පිළිබඳව සිසුදරුදැරියන් දැනුවත් කිරීමක්ද සිදු කෙරිණි.
විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විසින් රටේ අනාගතය වෙනුවෙන් විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ පර්‍යේෂණයන්හි කාර්යභාරය පිළිබඳ සිසුදරුදැරියෝ දැනුවත් කරන ලදහ.
තම ජීවිතයේ සෑම අත්දැකීමක්ම පර්යේෂණයට ලක් කිරීම තුළින් ජීවිතයේ අභියෝග ජයග්‍රහණය කළ හැකි බව මෙහිදී සිසුදරුදැරියන් වෙත පෙන්වා දුන් උඩුගමසූරිය මහතා, එක් විෂය දැනුමකට පමණක් සීමා නොවී සෑම ක්ෂේත්‍රයකම අත්හදා බැලීම් සිදු කරමින් නව නිපැයුම් ක්ෂේත්‍රය ජය ගැනීමට දරුවන් කුඩා කල සිටම හුරුපුරුදු වීමේ වැදගත්කමද පැහැදිලි කළේය.
මෙම වැඩසටහනට සමගාමීව, පාරිසරික සංරක්ෂණයේ වැදගත්කම තහවුරු කරමින් මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විසින් සංකේතාත්මක තිළිණයක් ලෙස පාසල වෙත වටිනා පැළ ප්‍රදානයක්ද සිදු කරන ලදී.
ජනාධිපති නීති උපදේශක ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ.එන්.එම් කුමාරසිංහ, ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂ එයාර් කොමදෝරු ආසිරි ගාල්ලගේ, එහි සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල සහ මොණරාගල විජයබාහු ද්විතියික විද්‍යාලයේ විදුහල්පති, ගුරුභවතුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.