ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නැගෙනහිර පළාත සහ උතුරු මැද පළාත සඳහා ප්‍රධාන ලේකම්වරු පත් කර ඇත.
ඒ අනුව නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස ටී. ඒ. සී. එන්. තලංගම සහ උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ. එම්. ජයසිංහ යන මහත්වරුන් පත් කර තිබේ.
ඊට අදාළ පත්විම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම මහත්වරුන් වෙත ප්රදානය කෙරිණි.
නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස පත් කළ ටී. ඒ. සී. එන්. තලංගම මහතා මීට පෙර ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙසත්, ජේ. එම්. ජයසිංහ මහතා කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ලෙසත් කටයුතු කර ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.