Published on: මාර්තු 19, 2025
ජනපති සහ විශේෂඥ වෛද්‍ය සංගමය අතර සාකච්ඡාව
* මෙවර අයවැය දත්ත මත පදනම්ව විද්‍යාත්මකව හා සැලසුම් සහගතව ක්‍රියාත්මක වන අයවැයක්
ජනපති
මෙවර අයවැය දත්ත මත පදනම්ව විද්‍යාත්මකව හා සැලසුම් සහගතව ක්‍රියාත්මක වන අයවැයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (19) පැවැති සාකච්ඡාවේදීය.
ඉතිහාසයේ දී විවිධ රජයන් ණය ලබා ගැනීමේදී එම ණය ආපසු ගෙවීමේදී ආර්ථිකයට සිදු වන ගැඹුරු බලපෑම අවධානයට ලක් නොකර ණය ලබා ගෙන ඇති බවත්, තම රජය එවැනි අවිධිමත් ණය ලබා ගැනීම් හෝ අවිධිමත් ආර්ථික ක්‍රියාකාරකම් සිදු නොකරන බවත්, ආර්ථික තිරසාරත්වය කෙරෙහි සිය රජයේ ඉහළම අවධානය යොමු කර ඇති බවත්, ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය.
මෙහිදී විශේෂඥ වෛද්‍ය සේවය සඳහා සේවා ව්‍යවස්ථාවක් සැකසීම මෙන්ම වෘත්තීය ගැටලු පිළිබඳවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානයට යොමු කරන ලදී.
මෙවර අයවැයෙන් සිදු කරන ලද මූලික වැටුප වැඩි කිරීම, වැඩිකළ සමස්ත වැටුපට අනුරූපීව මේ වසරේ සිටම විශ්‍රාම වැටුප් තලය ඉහළ දැමීම, දීමනා ලබා දීම, ආදායම් බදු සීමාව ඉහළ නැංවීම පිළිබඳව ඔවුහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සිය ප්‍රසාදය පළ කළහ.
සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව ඇතුළු කරුණු රැසක් සහිත යෝජනා මාලාවක්ද මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඉදිරිපත් කරන ලදී.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ඩී.කේ.එස්.එන් යසවර්ධන මහතා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.