ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන Vision වැඩසටහනට සහභාගී වීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පණ්ඩුල මහා විද්‍යාලයේ සිසුසිසුවියන් හට අද (21) අවස්ථාව උදා විය.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කාර්යයට අදාළ ක්ෂේත්‍ර චාරිකාවක් ලෙස ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, කොළඹ වරාය නගරය සහ පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව උදා කර දී ඇත.
මෙම වැඩසටහනට සමගාමීව “ Clean Sri Lanka” වැඩසටහන සහ එහි සංකල්පමය වටිනාකම පිළිබඳව සිසු දරුදැරියන් දැනුවත් කිරීමද සිදු කෙරිණි.
පරිසර සංරක්ෂණයේ වැදගත්කම තහවුරු කරමින් අනුරාධපුර, පණ්ඩුල මහා විද්‍යාලය වෙත සංකේතාත්මක තිළිණයක් ලෙස වටිනා පැළ ප්රදානය කිරීමද සිදු විය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. එන්. එම්. කුමාරසිංහ, ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ අධ්යක්ෂ එයාර් කොමදෝරු ආසිරි ගාල්ලගේ, එහි සහකාර අධ්යක්ෂ මේජර් නදීක දංගොල්ල යන මහත්වරුද, අනුරාධපුර පණ්ඩුල මහා විද්‍යාලයේ විදුහල්පති, ආචාර්යමණ්ඩලය සහ දෙමාපියෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.