සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම්ගෙන් උපදෙස්

සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ ගැටලු සහ ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ වැටුප, විශ්‍රාම වැටුප, උසස්වීම් පටිපාටිය සහ ස්ථීර පත්වීම් ලබාදීම ඇතුළු ඔවුන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ඊට අදාළ යෝජනා රැසක් ද ඉදිරිපත් කෙරිණි.
මෙම ගැටලු පිළිබඳ ප්‍රමුඛ අවධානයක් යොමු කරමින් ඒවා විසඳීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර යන මහත්වරු ඇතුළු සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය, සමෘද්ධි දෙපාර්තමේන්තුව ඇතුළු රේඛීය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.