Hotel Show Colombo – 2025 අද (25) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ මධ්‍යස්ථානයේදී ආරම්භ වූ අතර, එම සමාරම්භක අවස්ථාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක් විය.
ශ්‍රී ලංකා හෝටල් පාසල් උපාධිධාරි සංගමය, රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධව වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 17 වන වරටය.
1998 වසරේ ඇරඹි කොළඹ හෝටල් ප්‍රදර්ශනය මෙරට ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ විශාලතම වෙළෙඳ ප්‍රදර්ශනයක් වන අතර, මෙරට සංචාරක ව්‍යාපාරය ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කිරීමට එය මහඟු අවස්ථාවක් වනු ඇත.
Hotel Show Colombo – 2025 ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි නැරඹීමටද එක් වූ අතර, එහිදී රැස්ව සිටි පිරිස සමඟ සුහද කතාබහකද නිරත විය.
මෙම උත්සව සභාව ඇමතූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ මේ වන විට මෙරට සංචාරක කර්මාන්තය දිනෙන් දින දියුණුවෙමින් පවතින බවයි. එබැවින් ඒ පිළිබඳ සියලුදෙනාට සුභවාදී අපේක්ෂා තබාගත හැකි බව පැවසූ අමාත්‍යවරයා ඉදිරියේදී මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කෙරෙන ප්‍රධාන සාධකයක් බවට සංචාරක කර්මාන්තය පත්වනු ඇති බවද සඳහන් කළේය.
Hotel Show Colombo සංවිධාන කමිටුවේ සභාපති ට්‍රෙවින් ගෝමස්, ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමයේ සභාපති පැට්‍රික් පෙරේරා යන මහත්වරු ඇතුළු හෝටල්, හොටල් ආශ්‍රිත සැපයුම් සහ සේවා ආදී සංචාරක ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්වකරුවන් නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.