සිරි දළදා වන්දනාවට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සංවිධාන කළ කසළ නිසි ලෙස බැහැර කිරීමේ ක්‍රියාන්විතයක් අද (24) දිනය පුරා දළදා වන්දනාවට ප්‍රවේශ වන මාර්ග ත්‍රිත්වය හා ඒ අවට කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.
මේ සඳහා කලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරීන් මෙන්ම, තරුණ හා වැඩිහිටි ප්‍රජාවගෙන් සමන්විත ස්වේච්ඡා කණ්ඩායම් කිහිපයක් තම දායකත්වය ලබා දීමද විශේෂත්වයකි.
කසළ බැහැර කිරීම නිසි ලෙස සිදු කිරීම සඳහා ජනතාව තුළ ආකල්පමය හුරුවක් ඇති කිරීමේ වටිනාකම පහදා දෙන අන්දමින් සංවිධාන කළ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහාය නොඅඩුව හිමි විය.
දළදා වන්දනාවට සමගාමීව ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව කේන්ද්‍ර කර ගනිමින් පසුගිය දින කිහිපය පුරාම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
කැළිකසළවලින් තොර පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම, නිසි පරිදි කැළිකසළ බැහැර කිරීමේ යහ පුරුද්ද සමාජගත කිරීම පිළිබඳව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ විශේෂ අවධානයක් යොමු කර ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.