පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයුමක් සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ ආයතන පද්ධතිය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සහාය ලබා දීමට ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායනයේ (JICA) සහ ජපාන සාධාරණ වෙළෙඳ කොමිසමේ (JFTC) සහාය පළ වී තිබේ.
මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ එම ආයතනයන්හි නියෝජිතයන් අද (12) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූ අවස්ථාවේදීය.
වෙළෙඳාම තුළ සාධාරණත්වයක් ඇති කිරීමෙන් පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද ආරක්ෂා වන බවත් එමඟින් රට තුළ තරගකාරී වෙළෙඳපොළක් නිර්මාණය වන බවත් නියෝජිත පිරිස මෙහිදී පෙන්වා දුන්හ.
විශේෂයෙන් ජපානය ලබා ඇති ආර්ථික දියුණුවට මෙම තරගකාරී වෙළෙඳ ප්‍රතිපත්තිය ඉවහල් වූ ආකාරය පෙන්වා දුන් නියෝජිත පිරිස පාරිභෝගික අයිතිවාසිකම් දිනා දීමට මෙන්ම නවෝත්පාදන සම්බන්ධයෙන් එහි දායකත්වය පැහැදිලි කළහ.
ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ඉහළ තලයකට ඔසවා තබමින් සාධාරණ වෙළෙඳාමක් සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබඳ මෙවර අයවැයෙන් ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙන බව මෙහිදී පැවසූ ජනාධිපති ලේකම්වරයා එම සැලසුම් පිළිබඳවද නියෝජිත පිරිස දැනුවත් කළහ.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) වෙනුවෙන් ටෙට්සුයා යමාඩා (Tetsuya YAMADA), අරිසා ඉනාඩා (Arisa INADA), යූරි හොරිටා (Yuri HORRITA) , නාමල් රැළපනාව, ජපන් සාධාරණ වෙළඳ කොමිසම වෙනුවෙන් (JFTC) වයි. සකුමා (Y. Sakuma) , වයි. අසහිනා (Y. Asahina), වයි. ෆුකුෂිමා (Y. Fukushima), එම්. ටකුචි (M.Takeuchi) යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.