වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස මෙම අධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතා පත් කර ඇත.
ඒ අනුව වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීම අද (02) සිදුවිය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න මහතා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගෙන ඇති අතර, එය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිළිගෙන ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව නව වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයෙකු පත් කරන තෙක් මෙම පත්වීම වලංගු වනු ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.