Published on: ජූලි 1, 2025

මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ සිසුසිසුවියෝ ජනාධිපති ලේකම් කාර්යාලය හා ජනාධිපති මන්දිරය නරඹති

මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරුදැරියන්ට පාසල් අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාගී වීමට අද (01) අවස්ථාව උදා විය.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මගින් පාසල් දරුවන්ගේ අධ්‍යයන ක්ෂේත්‍රවලට අදාළව ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, කොළඹ වරාය නගරය හා පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව උදා කර දී ඇත.

මෙම වැඩසටහන අතරතුර, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ජනමාධ්‍ය සතු වගකීම්, මාධ්‍ය ක්ෂේත්‍රය තුළ කෘතිම බුද්ධිය භාවිත කිරීමේ වැදගත්කම සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සිසු දරුදැරියෝ සහ ගුරුවරු දැනුවත් කරන ලදහ.

එසේම, මෙම වැඩසටහනට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා “ Clean Sri Lanka” වැඩසටහන සහ එහි සංකල්පමය වටිනාකම පිළිබඳව සිසු දරුදැරියන් දැනුවත් කිරීමද සිදු කෙරිණ.

මෙම වැඩසටහනට සමගාමීව සංකේතාත්මක තිළිණයක් ලෙස පරිසර සංරක්ෂණයේ වැදගත්කම පෙන්වා දෙමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් පාසල වෙත වටිනා පැළ ප්‍රදානය කෙරිණි.

මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ.එන්.එම්. කුමාරසිංහ සහ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක මේජර් නදීක දංගොල්ල යන මහත්වරුද, මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ඊ. ජී. පී. අයි. ධර්මතිලක මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පිරිසක්ද සහභාගී වූහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.