Published on: ඔක්තෝබර් 19, 2022

ප්‍රථම අගමැති ඩී.ඇස්. සේනානායක 138 වන ජන්ම සැමරුම හෙටයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති මහාමාත්‍ය ඩී.ඇස්. සේනානායක මහතාගේ 138 වෙනි ජන්ම දිනය හෙටට (20) යෙදී ඇත.

වර්ෂ 1884 ඔක්තෝබර් මස 20 වෙනි දින මීරිගම, බෝතලේ වලව්වේදී උපත ලද ඩී.ඇස්. සේනානායක මැතිතුමා මුදලිදු දොන් ස්පේටර් සේනානායක මහතාගේ සහ කැතරින් එලිසබෙත් පෙරේරා මාතාවගේ පවුලේ සිව්වන දරුවා වේ.

1912 දී පිහිටුවන ලද අමද්‍යප සභාවෙන් ක්‍රියාකාරි සමාජ සේවයට පිවිසි ඩී.ඇස්. සේනානායක මහතා ලංකා ජාතික සංගමයේ ද සභාපතිවරයෙකු ලෙස කටයුතු කළේය.

1946 වසරේ සැප්තැම්බර් 06 වෙනි දින පිහිටුවා ගන්නා ලද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් සේනානායක මහතා 1947 වසරේ පැවති ප්‍රථම පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසු ලංකාවේ ප්‍රථම අග්‍රමාත්‍ය ධූරයට පත් විය.

1947 සිට 1952 දක්වා ලංකාවේ අගමැති ධූරය හෙබ වූ ඩී.ඇස්. සේනානායක මහතා 1952 මාර්තු මස 22 දින හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත විය.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.