ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ සහ නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ යන මහත්වරු පත් කරනු ලැබ ඇත.
මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති කාර්යාලයේදී අද (30) ඔවුන් වෙත භාර දුන්නේය.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන් හෙට (31) සිය ධුරවලින් විශ්‍රාම යාමට නියමිතය.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.