Published on: පෙබරවාරි 6, 2025

නව ත්‍රිවිධ හමුදාපතිවරු ජනපති හමු වෙති

නව ත්‍රිවිධ හමුදාපතිවරු ජනාධිපති කාර්යාලයේ දී අද (06) පස්වරුවේ සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.

නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ සහ නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ යන මහත්වරු මෙලෙස ජනාධිපතිවරයා හමු වූහ.

ධුරයට පත්වීමෙන් පසු ත්‍රිවිධ හමුදාපතිවරු සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා හමු වූ අතර ජනාධිපතිවරයා වෙත සමරු තිළිණ පිළිගැන්වීමද සිදු කෙරිණි.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.