Published on: සැප්තැම්බර් 25, 2024

නව ජනපතිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සුබ පැතුම්

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සුබ පැතුම් පිරිනැමීය.

ජනාධිපතිතුමා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩව කැපවි කටයතු කරන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර පවතින අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

එසේම ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය පූර්ණ සහාය ලබා දීමට සූදානම් බව ද ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සහතික වී තිබේ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.