ලොව පුරා වෙසෙන දමිළ ජනතාව විසින් බැතියෙන් සමරනු ලබන තෛපොංගල් උත්සවය නිමිත්තෙන් සුභාශිංසන එක් කරන්නේ මහත් සතුටිනි.
කෘෂිකර්මාන්තය හා බැඳුනු තෛපොංගල් උත්සවයේ දී සරු අස්වැන්නක් හා යහපත් බලාපොරොත්තු වෙනුවෙන් අඛණ්ඩ ආශිර්වාද පතා හිරු දෙවියන්ට බුහුමන් දැක්වීම සිදු කරයි.
පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කරමින් ස්වයංපෝෂිත රටක් ගොඩනැඟීමට රජය ගන්නා උත්සාහය අර්ථවත් කරන අවස්ථාවක් ලෙස ද මෙවර තෛපොංගල් උත්සවය සැලකිය හැකිය.
කෘෂිකර්මාන්තයේ නවීකරණය කෙරෙහි රජය පුළුල් අවධානයක් යොමු කර තිබෙන අතර ජාත්‍යන්තර වෙළෙඳපොළේ තරගකාරිත්වයට ගැළපෙන, තාක්ෂණය මත පදනම් වූ ඵලදායී තිරසාර සහ ලාභදායි කෘෂිකර්මාන්තයක් ඇති කිරීම අපේක්ෂාවයි.
රජයේ මෙම නව ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට දායක වෙමින් ආර්ථික සමෘද්ධිය උදාකරගත් රටක් ගොඩනැඟීමට එක්වන ලෙස සශ්‍රීකත්වයේ අපේක්ෂා පෙරදැරි කරගත් සැමරුමක් වූ මෙම තෛපොංගල් දිනයේ දී මම සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමි.
අටුකොටු සරු වී, දිළිඳුකම තුරන් වී, සෞභාග්‍යමත් දේශයක් කරා යන ගමනට මෙවර තෛපොංගල් සැමරුම ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනය කරන අතර ශ්‍රී ලාංකික සහ ලොව පුරා වෙසෙන සියලු දමිල ජනතාවට සෞභාග්‍යමත් සුබ තෛපොංගල් සැමරුමක් වේවායි සුභාශිංසනය කරමි.
රනිල් වික්‍රමසිංහ
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.