එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී පෙබරවාරි 11 සිට 13 දක්වා පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුඵව (WGS)- 2025ට සහභාගී වීම සඳහා මෙරටින් බැහැරව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස අද (10) පස්වරුවේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා විය. එහිදී ජනාධිපතිවරයා ඇතුළු පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයුඩි මහතා ඇතුළු රාජ්‍ය නියෝජිතයන් විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබිණි. මෙම පිළිගැනීමේ අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැඩබලන තානාපති තක්ෂිලා ආර්නෝල්ඩා , ඩුබායි සහ උතුරු එමීරයන් සඳහා වන ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් ඇලෙක්සි ගුණසේකර ඇතුළු ඩුබායි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක්ද සහභාගි වූහ.
අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ රාස් අල් කයිමාහි පාලකවරයාගේ බෑණනුවන් වන ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි හමුවීමට නියමිතය. මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආර්ථික හා ආයෝජන සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත.
අනතුරුව, ජනාධිපතිවරයා ඩුබායිහි පිහිටා ඇති සුප්‍රසිද්ධ අනාගත කෞතුකාගාරයේ (Future Museum) පැවැත්වෙන ‘TIME 100 Gala Dinner’ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වීමට නියමිතය.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද ජනාධිපතිවරයා සමඟින් මෙම සංචාරයට එක්ව සිටියි.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.