Published on: ජූනි 11, 2025

ටෝනි බ්ලෙයාර් ආයතනයේ නියෝජිතයෝ ජනාධිපති ලේකම් හමුවෙති

  • ප්‍රධාන ආයතන හතරකට මූල්‍ය හා තාක්ෂණික සහාය

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ගෝලීය වෙනසක් සඳහා වන ටෝනි බ්ලෙයාර් ආයතනයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (11) පැවැත්විණි.

නව රජයේ වැඩපිළිවෙළෙහි ප්‍රමුඛතා හඳුනා ගෙන ඊට සහයෝගය පළ කිරීම මෙම හමුවේ අරමුණ විය.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ ආයෝජන මණ්ඩලය යන ආයතනවලින් ක්‍රියාත්මක කරන වැඩසටහන් විමසා බලා ඒවායේ ප්‍රමුඛතා හඳුනාගෙන ඊට මූල්‍ය හා තාක්ෂණික සහාය ලබා දීමට මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

ටෝනි බ්ලෙයාර් ආයතනයේ නිලධාරීන් විසින් ගෝලීය වෙනසක් සඳහා සිදු කරනු ලබන මෙම ක්ෂේත්‍ර සංචාරයේදී සෑම අමාත්‍යාංශයකටම ගොස් වැඩසටහන් සමීපව නිරීක්ෂණය කරමින් වැඩසටහන්වලට සහාය දැක්වීමට මෙහිදී එකඟතාවකට පැමිණි ඇත.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු, ටෝනි බ්ලෙයාර් ආයතනයේ ආසියා පැසිෆික් උපදේශක අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ජලීල් රෂිඩ්, ආසියා පැසිෆික් කාර්ය මණ්ඩලයේ රාජ්‍ය අංශයේ සම්බන්ධතා ප්‍රධානී ඇනා ඒඩ්න්, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (කෘෂි තාක්ෂණ) බී.එම්.වී.එස්. බස්නායක, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) ජානක ගීකියනගේ , ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම්. වීරකෝන්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.