මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට රජයේ සමාජ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ සහ සමගාමී වන “ශ්‍රී ලංකාව සඳහා වූ පර්යේෂණ ප්‍රමුඛතා – 2026” වාර්තාව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාර දීම අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
ඒ අනුව, පර්යේෂණ සහ නවෝත්පාදනය මත පදනම් වූ ජාතික සංවර්ධනයේ නව යුගයක ආරම්භය සනිටුහන් කෙරෙන මෙම වාර්තාව ජාතික විද්‍යා සහ තාක්ෂණ කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ජී.ඩබ්ලිව්.ඒ. රොහාන් ප්‍රනාන්දු විසින් ජනාධිපති ලේකම්වරයා වෙත භාර දෙන ලදී.
මේ සඳහා මූලිකත්වය ගනු ලැබුවේ ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ තාවකාලික කමිටුව විසිනි. එහි සම සභාපතිවරුන් ලෙස විද්‍යා හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ඇමරිකා එක්සත් ජනපද ජාතික නව නිපැයුම්කරුවන්ගේ ඇකඩමියේ ජ්‍යෙෂ්ඨ සාමාජික මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා සහ ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ජී.ඩබ්ලිව්.ඒ. රොහාන් ප්‍රනාන්දු මහතා කටයුතු කරයි.
මෙම වාර්තාව, විවිධ විෂයන්හි විශේෂඥයින් 26 දෙනෙකුගේ මෙන්ම, පර්යේෂණ සහ සංවර්ධනයට අදාළ වන අමාත්‍යාංශ 15ක උප කමිටු සාමාජිකයන් 100කට අධික පිරිසකගේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි.
මෙම වාර්තාවෙන්, 2026 වසරට අදාළ පර්යේෂණ සහ සංවර්ධන ප්‍රමුඛතා සහ එහි දිශානතිය සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර, කෘෂිකර්මාන්තය, බලශක්ති, අධ්‍යාපන, ඩිජිටල් පරිවර්තන, තාක්ෂණික, සෞඛ්‍ය, කාර්මික, සංචාරක සහ සමාජ සංවර්ධන වැනි ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කෙරෙන නිර්දේශ අන්තර්ගත වේ. මෙය, පර්යේෂණ සහ සංවර්ධනය රටේ දිගුකාලීන සමාජ-ආර්ථික දැක්ම සමඟ පෙළගැස්වීම සඳහා සකස් කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම සම්බන්ධීකරණ වාර්තාවද වේ.
මෙම කර්තව්‍යය, කෙටි කලකින් ස්ථාපිත කිරීමට නියමිත ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තියේ (NRDP) ප්‍රධාන කාර්යභාරයන් අතර ප්‍රධාන කාර්යයක් වන අතර, එය සම්පාදනය කරන තුරු මෙම ක්‍රියාවලිය තාවකාලිකව මෙම කමිටුව මගින් ඉටු කරයි. NRDP සම්පාදනය කිරීමෙන් පසු, මෙම පර්යේෂණ ප්‍රමුඛතා ලබා දීමේ ක්‍රියාවලිය වඩාත් පුළුල් ලෙස සහ විශේෂ අවධානය යොමු විය යුතු අංශද හඳුනා ගනිමින් ක්‍රියා කරනු ඇති අතර, පර්යේෂණ මත පදනම් වූ තීරණ ගැනීම තුළින් නිෂ්පාදනය ප්‍රමුඛ කර ගත් ආර්ථිකයකට වඩා සඵලදායීව සහ උපායමාර්ගිකව දායක වීම මූලික අරමුණ වේ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.