ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ජපාන තානාපති අකියෝ ඉසොමාටා (Akio ISOMATA) මහතා අතර හමුවක් අද (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ නව රජයට සුබ පැතුම් එක් කළ ජපාන මහ කොමසාරිස්වරයා, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඵලදායී ලෙස අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.
නාස්තිය සහ වංචා දූෂණයෙන් තොර රටක් බිහි කිරීමේ සහ ආර්ථිකමය වශයෙන් රට ඉදිරියට ගෙන යෑමේ රජයේ නව ප්‍රතිපත්තිය පිළිබඳව ජපාන රජයේ ප්‍රශංසාව පළ කළ අකියෝ ඉසොමාටා මහතා ශ්‍රී ලංකා නව රජයට සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලබාදිය හැකි උපරිම සහාය ලබාදෙන බවද වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.