ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමඟ අද (04) ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවක නිරත වූ අතර, එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ජනාධිපතිවරයා අතර පැවැති දෙවන සාකච්ඡාවයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ තුන්වන සමාලෝචනයට අදාළ ඉදිරි කටයුතු සහ එහිදී ඇති විය හැකි ප්‍රමාදයන් මඟහරවා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දෙපාර්ශ්වය විසින් මෙහිදී සාකච්ඡා කරන ලදී.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඊයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා අවධාරණය කළේ IMF වැඩසටහනේ අරමුණු සමඟ තමන් එකඟ වන අතරම ජනතාවට සහන සැලසීම තම රජයේ අපේක්ෂාව බවයි.
එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ ඉලක්ක සපුරා ගන්නා අතරම ජනතාව මත පැටවෙන පිඩනය ඉවත් කෙරෙන විකල්ප ප්රවේශයන් පිළිබඳව සැලකිලිමත් වෙමින් එම ඉලක්ක වෙත ළඟා වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අරමුණයි.
ඒ සඳහා අවශ්‍ය යහපත් හා සුහදශීලි වටපිටාවක් දෙපාර්ශ්වය අතර මෙම සාකච්ඡාවලදි මනාව ගොඩනැගුණු අතර දින තුනක් මුළුල්ලේ පැවති සාකච්ඡා මාලාව සාර්ථකව අද දින නිමාවට පත් කෙරිණ. ඒ සමඟ IMF නියෝජිත පිරිසේ මෙවර ශ්‍රී ලංකා සංචාරයේ සමාප්තිය සනිටුහන් කෙරේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන්, ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් යන මහත්වරු ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූහ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.