Published on: නොවැම්බර් 7, 2022

ජනපති සහ බ්‍රිතාන්‍ය අගමැති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් මහතා අතර හමුවක් අද (07) සිදු විය.

ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm El Sheikh) හි පැවැත්වෙන COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අතරතුරදී මෙම හමුව සිදු වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය රිෂී සුනක් මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.