Published on: අගෝස්තු 12, 2025

ජනපති සහ කැනේඩියානු මහකොමසාරිස්වරයා අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (12) පස්වරුවේ පැවැත්විණ.

සිය ධුර කාලය අවසන් කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන එරික් වොල්ෂ් මහතාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයා මෙහිදී ඔහුට සුබ පැතීය.

කැනඩාව යනු ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් වාසය කරන රටක් බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ආර්ථික අර්බුදයට සාර්ථකව මුහුණ දීමට මෙන්ම, මෙරට මානව හිමිකම් ප්‍රවර්ධනයේදී සහ සංහිඳියා ක්‍රියාවලියේදී කැනඩාව ලබා දුන් සහාය අගය කළ අතර, තවදුරටත් එම සහාය ලබා දෙනු ඇතැ’යි බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.