Published on: මැයි 25, 2025

ජනපති ප්‍රවීණ රංගවේදිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්විය.

මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය තැන්පත් කර ඇති ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාව වෙත අද (25) රාත්‍රියේ ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.

මේ අතර එම අවස්ථාවට එක්ව සිටි කලාකරුවන් සමඟද සුහද කථා බහක නිරත වූ ජනාධිපතිවරයා ශ්‍රී ලාංකේය සිනමාව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඔසවා තැබූ සන්නාමය වූ කීර්තිමත්, ප්‍රවීණ රංගවේදිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ අභාවය පිළිබඳ සිය සංවේගය කලා ක්ෂේත්‍රයේ සියලුදෙනා වෙත පළ කළේය.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.