ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය මගින් පාසල් ළමුන් සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් මාලාවට සමගාමීව කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභා වාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී අද (28) පැවැත්විණි.
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජිකාවන් හට “Clean Sri Lanka” ව්‍යාපෘතියේ සංකල්පමය වටිනාකම හා එහි ප්‍රායෝගික වැදගත්කම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමටද මෙහිදී අවස්ථාව උදා වූ අතර එම පාසල් ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා “Clean Sri Lanka” ව්‍යාපෘතිය භාර අමාත්‍යවරයෙකු පත් කර ගැනීම ද සිදු විය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා සහ සන්නිවේදන අධ්යක්ෂ ජයලත් පෙරේරා යන මහත්ම මහත්මීන්ද මෙම සුවිශේෂී අවස්ථාවට එක්ව සිටි අතර ශිෂ්‍ය පාර්ලිමේන්තු අමාත්‍ය මණ්ඩලය වෙත හා සාමාජිකාවන් වෙත සහතික පත් ප්රදානය කිරීම ඔවුන් අතින් සිදු කෙරිණි.
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.