Published on: අගෝස්තු 18, 2025

කොරියානු තානාපතිනිය ජනපති ලේකම් හමුවෙයි

  • ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතා පැවැත්වීමට කොරියානු නව පාලනය සූදානම්

– කොරියානු තානාපති මියොන් ලී

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී ( Miyon LEE) මහත්මිය අතර හමුවක් අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

කොරියානු නව පාලනය යටතේ ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතාවන් හඳුනාගෙන සමීපව කටයුතු කිරීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී ( Miyon LEE) මහත්මිය මෙහිදී ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතා මත කොරියානු රජයේ අඛණ්ඩ සහයෝගය ලබා දීමට සූදානම් බවද තානාපතිනිය අවධාරණය කළාය.

කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (KOICA) නව නියෝජිතයින්ද මෙහිදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවූ අතර ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන KOICA ව්‍යාපෘති කඩිනමින් නිම කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, KOICA ශ්‍රී ලංකා හි අධ්‍යක්ෂ යූලි ලී ( Yooli LEE) සහ කොරියානු එක්සිම් බැංකුවේ කොරියානු ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදලේ (EDCF) කොළඹ කාර්යාලයේ අධ්‍යක්ෂ ඕ ජියොන්ග්-ටේ (Oh Joeng-tae) යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.