Published on: මැයි 13, 2025

කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ පහසුකම් නැංවීම සහ පවිත්‍රකරණයට “ක්ලීන් ශ්‍රී ලංකා” අත්වැල් බැඳ ගනී

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූවන් බොහෝ පිරිසක් ප්‍රතිකාර සඳහා කොත්මලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණු අතර එම රෝහලේ පහසුකම් නැංවීම සහ පවිත්‍රකරණය වෙනුවෙන් “ක්ලීන් ශ්‍රි ලංකා” වැඩසටහන ශක්තිමත්ව අත්වැල් බැඳ ගෙන තිබිණි.

ඒ අනුව රෝහල් වාට්ටු සංකීර්ණය සහ රෝහල් පරිශ්‍රය පිරිසිදු කරමින් රෝගින්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා පහසු පරිසරයක් සකස් කර දීමට මෙන්ම අනෙකුත් පහසුකම් නැංවීම වෙනුවෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යුහුසුළුව කටයුතු කරනු ලැබීය.

ප්‍රදේශයේ ජනතාවද ස්වේච්ඡාවෙන්ම මීට එක්ව සිටීම විශේෂත්වයක් වන අතර මෙම අනපේක්ෂිත සිදුවීමෙන් තුවාල ලැබූවන්ගේ හදිසි ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් අවම පහසුකම් යටතේ වුවද කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යමණ්ඩලය සිදු කළ කැපවීම “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලයේ ඇගයීමට ලක්වේ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.