ජනපති
කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ ශ්‍රී දළදා පොසොන් පෙරහැර මංගල්‍යය ශතක සංවත්සර සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (21) පස්වරුවේ පැවැත්විණි.
ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ වාර්ෂිකව සිදු කරන ශ්‍රී දළදා පොසොන් පෙරහැර වර්ෂ 1925 ආරම්භ වී ඇති අතර මෙම සියවස් සමරුව නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් එළිදැක්වීමද මෙහිදී සිදු විය.
ශ්‍රී දළදා පොසොන් පෙරහැර නිමිත්තෙන් ශාස්ත්‍රීය සංග්‍රහයන් දෙකක් එළිදැක්වීම සහ ශ්‍රී දළදා පොසොන් පෙරහැර වෙනුවෙන් ගීතයක් එළි දැක්වීමද මෙහිදී සිදු කෙරිණි.
ඇත්කඳ විහාරයේ පොසොන් පෙරහැර මංගල්‍යය ශතක සංවරත්සරයට සමගාමීව පැවැති තරගාවලියෙන් ජයග්‍රහණය කළ සිසු දරුවන්ට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරීමද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු කෙරිණ.
අධ්‍යාත්මිකව පිරිහුණු සමාජයක් කෙතරම් භෞතිකව දියුණු කළද ඵලක් නොමැති බවත්, ආචාරධාර්මික හා අධ්‍යාත්මික ගුණයෙන් යුතු පුරවැසියන් මඟින් රටක සංස්කෘතික සමාජය ගොඩනැගිය හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
මුදල් හෝ බලය මත ජීවය මැරුණු සමාජය ගොඩගැනීම වෙනුවෙන් අධ්‍යාත්මික ජීවය ලබා දීමට ජාතක කතා පොත හා බෞද්ධ සංස්කෘතිය ශක්තිමත් පදනමක් සපයන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
පාලකයා ජනතාවට ආදරය කරනවා මෙන්ම ජනතාවට වගවීමක් ඇති කිරිමට බුදු දහම තුළින් මග පෙන්වා තිබෙන බවත්, එම අගනා සංස්කෘතික දායදයන්හි, අක්මුල් අද සමාජයෙන් බැහැර වී තිබෙන බැවින් නැවතත්, එම පැරැණි සංස්කෘතික අක්මුල් කැටුව එමින් අධ්‍යාත්මික ජීවයක් ඇති සමාජයක් ගොඩනැගීමට සියලුදෙනා එක්විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කරන ලදී.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණියහොත් පෙරහැර නතර කර දමන බවට ඇතැමුන් ප්‍රකාශ කළද සංස්කෘතික වටිනාකම් හා හර පද්ධතීන්ට වටිනාකමක් ලබාදීමේ වත්මන් රජයේ වැඩපිළිවෙළ අද ප්‍රායෝගිකව ඔප්පු කර තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, පොළොන්නරුව සොළාස්මස්ථානාධිපති මහනුවර ගෙඩිගේ රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය වෙඩරුවේ ශ්‍රී උපාලි ස්වාමීන් වහන්සේ මෙහි මුලසුන අනුශාසනාව සිදු කළහ.
මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි ස්වාමීන් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, ඇත්කඳ රජමහා විහාරාධිපති පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී ස්වමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.