Published on: මැයි 5, 2025

එක්සත් ජාතීන්ගේ 20 වෙනි වෙසක් දින උත්සවයේ ප්‍රධාන දේශනය හෙට ජනපතිගෙන්

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (06) හෝ චි මිං නගරයේදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ 20 වෙනි වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන අතර එහි ප්‍රධාන දේශනයද සිදු කරයි.

මෙරට වේලාවෙන් හෙට (06) පෙ.ව 7.40ට පමණ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ 20 වෙනි වෙසක් දින උත්සවය අමතා සිය ප්‍රධාන දේශනය සිදු කිරීමට නියමිතය. මෙම දේශනය හෙට දිනයේ පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසුව ප.ව 5.00ට රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කිරීමටද කටයුතු යොදා තිබේ.

“මානව ගරුත්වය සඳහා සහයෝගීතාව සහ ඉවසීම : ලෝක සාමය සහ තිරසර සංවර්ධනය සඳහා බෞද්ධ අවබෝධය” යන තේමාව යටතේ හෙට ආරම්භ වන එක්සත් ජාතින්ගේ වෙසක් සැමරුම මැයි 08 වන දා දක්වා පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, ලාඕසය සහ කාම්බෝජය යන බෞද්ධ රටවල ඉහළ පෙළේ නියෝජිතයන්ද ඇතුළුව රටවල් සහ ප්‍රදේශ 85ක් නියෝජනය කරමින් 2,800ක් පමණ පිරිසක් ඊට සහභාගී වීමට නියමිතය.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.