අදට (05) යෙදී ඇති ජගත් පරිසර දිනය නිමිත්තෙන්, “ඉවත ලන බැරල් ප්‍රමිතිගත කසළ බඳුන්” ලෙස සකසා දිවයින පුරා බෙදා හැරීමේ ව්‍යාපෘතියක් සිපෙට්කෝ සමාගම සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව ක්‍රියාවට නංවා තිබෙන අතර එම ව්‍යාපෘතිය අද (05) මුතුරාජවෙල ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණි.
දිරන ද්‍රව්‍ය සහ පොලිතීන් බාහාලිය හැකි ලෙස වෙන් වෙන්ව මෙම කසළ බඳුන් සකසා තිබෙන අතර පළමු අදියර යටතේ සකසන ලද බැරල් 150 ක් බෙදා දීමට සිපෙට්කෝ ආයතනය සැලසුම් කර ඇත. අවශ්‍ය පරිදි කසළ සහ පොලිතීන් බාහලිය හැකි බැරල් ඉදිරියේදී ලබා දීමට එම ආයතනය එකඟතාව පළ කර තිබේ.
ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉසුරු අනුරාධ මහතා සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ හා සිපෙට්කෝ ආයතනයේ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමග එක්ව ජගත් පරිසර දිනය නිමිත්තෙන් මුතුරාජවෙල ප්‍රදේශයේ පැළ සිටුවීමේ වැඩසටහනක් අද (05) ක්‍රියාවට නංවා තිබිණි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. ඒ. එස්. රාජකරුණා, කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ, වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමන්ත ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නිලධාරිහු සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරිහූ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.