Published on: අගෝස්තු 1, 2025

ඉබ්බාගමුව වීර කර්නල් නියෝමාල් පලීපාන විද්‍යාලයේ සහ කුලියාපිටිය තාවල්ල ධම්මාලෝක මහා විද්‍යාලයේ සිසුසිසුවියෝ ජනපති ලේකම් කාර්යාලය නරඹති

ඉබ්බාගමුව වීර කර්නල් නියෝමාල් පලීපාන විද්‍යාලයේ සහ කුලියාපිටිය තාවල්ල ධම්මාලෝකමහා විද්‍යාලයේ සිසුසිසුවියන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පාසල් ශිෂ්‍යශිෂ්‍යාවන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන ‘Vision’ වැඩසටහනට සහභාගි වීමට අද (01) අවස්ථාව උදා විය.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක් ව පාසල් සිසුන් උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. එන්. එම්. කුමාරසිංහ මහතා විසින් විධායකයේ කාර්යභාරය සහ නීතියේ ආධිපත්‍යය සම්බන්ධව හරවත් දේශනයක් සිදු කළ අතර, මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම පෙන්වා දෙමින් සංකේතාත්මක තිළිණයක් ලෙස පාසල් වෙත වටිනා පැළ ප්‍රදානයක්ද සිදුවිය.

ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල, ඉබ්බාගමුව කර්නල් නියෝමාල් පලීපාන විද්‍යාලයේ විදුහල්පති එච්. එම්. ඒ. ඩබ්ලිව්. බී. තිත්තවැල්ල, කුලියාපිටිය තාවල්ල ධම්මාලෝක මහා විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්. පී. අයි. ලක්මාල් යන මහත්වරුන්, ගුරු මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.