Published on: මැයි 19, 2025

ආරක්ෂක නියෝජ්‍ය ඇමති රාගම රණවිරු සෙවණ සුවතා නිකේතනයේ සංචාරයක

රාගම “රණවිරු සෙවණ” සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන සෙබළුන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා අද (19) පෙරවරුවේ එක් විය.

නේවාසිකව ප්‍රතිකාර ලබන සෙබළුන් වෙත ගොස් ඔවුන්ගේ තොරතුරු විමසු නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන් සමඟ සුහද කතාබහකද නිරත විය.

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා “රණවිරු සෙවණ” සුවතා නිකේතනයෙහි සේවයේ නිරත වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමඟද කතාබහක නිරත වෙමින් සෙබළුන් වෙනුවෙන් තවදුරටත් ලබා දිය හැකි වෛද්‍ය හා සේවා පහසුකම් සැපයීම පිළිබඳව සොයා බැලීය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වී.බී. එදිරිසිංහ යන මහත්වරු සහ “රණවිරු සෙවණ” සුවතා නිකේතනයේ සේනා විධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඩී.එම්. කුමාරසිංහ මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.