Published on: අප්‍රේල් 20, 2023

ආරක්ෂක අමාත්‍යාංශයේ ‘සූර්ය මංගල්‍යය – 2023’ සමාප්ති උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ආරක්ෂක අමාත්‍යාංශයේ ‘සූර්ය මංගල්‍යය – 2023’ සමාප්ති උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි .

ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් ඊයේ දිනය පුරා පැවති මෙම අවුරුදු උත්සවය අවුරුදු ක්‍රීඩා මෙන්ම සංස්කෘතිකාංග රැසකින් සමන්විත විය.

අනතුරුව පැවති විචිත්‍රවත් නර්ථනාංග නැරඹීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.

අවුරුදු කුමරා, කුමරිය ඇතුළු අවුරුදු ක්‍රීඩා තරග ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක , ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න යන මහත්වරු විසින් සිදු කරනු ලැබූහ.

ආරක්ෂක අමාත්‍යාංශ කාර්ය මණ්ඩල සාමාජිකයන් සමඟ ජනාධිපතිවරයා මෙහිදී සුහද කතා බහකද නිරත විය.

ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිපාලන) සහ සුභසාධක සංගමයේ සභාපති ගාමිණී මහගමගේ, ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපති චිත්‍රානි ගුණරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ‍මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.