Published on: ජනවාරි 16, 2025

ආයෝජන ප්‍රවර්ධනයට ජනපති ලොව ප්‍රකට චීන සමාගම් සමඟ විශේෂ සාකච්ඡා

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධානය කර තිබූ ආයෝජන සැසියට එක්වීමෙන් අනතුරුව චීනයේ ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගම් කිහිපයක් සමඟ විශේෂ සාකච්ඡා වාර කිහිපයක් ද පැවැත්විය.

ඒ අනුව, චයිනා සන්නිවේදන ඉදිකිරීම් සමාගම සීමාසහිත (China Communications Construction Company Ltd), චයිනා පෙට්රොකෙමිකල් සංස්ථාව ( China Petrochemical Corporation -SINOPEC Group), සීමාසහිත මෙටලර්ජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා සමාගම (Metallurgical Corporation of China Ltd), හුවාවි (Huawei), බී.වයි.ඩී (BYD Auto) යන චීනයේ ප්‍රමුඛ සමාගම් සමඟ විශේෂ සාකච්ඡා සිදු කරන ලදී.

ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳ චීන ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගම් දැනුම්වත් කළ ජනාධිපතිවරයා රජයක් ලෙස ආයෝජකයින්ට සියලු පහසුකම් ලබා දීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහනය , මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.