ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම හා සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙතින් රජයේ ඒකාබද්ධ අරමුදලට පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම හා සිවිල් ගුවන් සේවා අධිකාරිය එක්ව රජයේ ඒකාබද්ධ අරමුදල සඳහා පිරිනැමුණු රුපියල් බිලියන 02කට අදාළ චෙක්පත අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් භාර‍ දෙනු ලැබිණි.

ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන 01ක්, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම රුපියල් මිලියන 500ක් සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් රුපියල් මිලියන 500ක් රජයේ ඒකාබද්ධ අරමුදල සඳහා පිරිනමා තිබේ.

වරාය, නාවුක හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, වරාය, නාවුක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී බර්නාඩ්, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ. ජයකාන්ත යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.