එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මගින් අපවිත්‍ර වූ වෙරළ කලාපය පවිත්‍ර කිරීමට රැගෙනවිත් මේ වන විට පරිහරණයෙන් තොරවී ඇති යන්ත්‍රෝපකරණ නැවත භාවිතාකර දිවයින වටා සංචාරක වෙරළ තීර පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) උදෑසන මට්ටක්කුලිය, කාක දූපත් වෙරළ තීරයේ දී නිල වශයෙන් ආරම්භ කෙරිණි.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා පොලිස් පරිසර ඒකකය, ශ්‍රී ලංකා නාවික හමුදාව මෙන්ම තුඩාව බ්‍රදර්ස් පුද්ගලික සමාගම ඒකාබද්ධව වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.
මෙහිදී අදහස් දැක්වූ සාගල රත්නායක මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණයට ලක්ව ඇත්තේ සුන්දර වෙරළ තීරය, පරිසරය සහ සංස්කෘතික උරුමයන් නිසා බවයි.
එබැවින් වෙරළ තීරය රැක ගනිමින් සංචාරක කර්මාන්තය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම මෙන්ම මතු පරපුර වෙනුවෙන් පරිසරය රැක දීම සියලුදෙනාගේ වගකීමක් බව ඒ මහතා අවධාරණය කළේය.
මෙම වෙරළ සංරක්ෂණ වැඩසටහන තිරසර ලෙස, දීප ව්‍යාප්තව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව සඳහන් කළ සාගල රත්නායක මහතා ඒ වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධානවල සහ සම්පත් දායකයන්ගේ සහාය ලබා ගැනීමට ද අපේක්ෂා කරන බව කියා සිටියේය.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ අසේල බී. රැකව, Clean Ocean Force සංවිධානයේ සභාපති ජෙරොම් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.