මහ කොමසාරිස්වරයෙක් සහ තානාපතිවරයෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති.

ඕස්ට්‍රේලියානු නව මහ කොමසාරිස්වරයා සහ නේපාල නව තානාපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී අක්ත පත්‍ර භාරදීම අද (17) පස්වරුවේ සිදු කෙරිණි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයේ දී මෙම අක්ත පත්‍ර භාරදීම සිදු විය.
ඕස්ට්‍රේලියානු නව මහ කොමසාරිස්වරයා ලෙස පෝල් වෙස්ලි ස්ටීවන්ස් (Paul Wesley Stephens), නේපාල නව තානාපතිවරයා ලෙස බාෂු දේව් මිශ්‍රා (Bashu Dev Mishra) මහත්වරු මෙලෙස පත්වී ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය
2022-07-17

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.