Published on: පෙබරවාරි 6, 2023

“ ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය පෙබරවාරි 10 දක්වා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී

75 වන ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සංවිධානය කළ “ ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාර්න්පොල් (Poj Harnpol) මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 04 වනදා කොළඹ 07 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී විවෘත කෙරිණි.

නවක හා දක්ෂ චිත්‍ර ශිල්පීන් දායක කර ගනිමින් 75 වන නිදහස් දින සංවත්සරයට සමගාමීව මෙරට අභිමානය විදහා දැක්වෙන මෙම චිත්‍ර ප්‍රදර්ශනය ප්‍රවීන චිත්‍ර ශිල්පී ශිල්පී එච්. එස් සරත් මහතා විසින් සංවිධානය කර තිබේ.

බලාපොරොත්තු වූ පරිදි රට පුරා තරුණ මෙන්ම වැඩිහිටි චිත්‍ර ශිල්පීන් විශාල සංඛ්‍යාවක් මෙම චිත්‍ර ප්‍රදර්ශනය සඳහා චිත්‍ර යොමු කළ බවත්, අරගලයේ සිටි තරුණ තරුණයින් පවා ඒ අතර වන බවත් ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා චිත්‍ර ප්‍රදර්ශනය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රවීන චිත්‍ර ශිල්පී එච්. එස් සරත් මහතා පැවසීය.

පසුගිය 04 වනදා ආරම්භ වූ මෙම චිත්‍ර ප්‍රදර්ශනය පෙබරවාරි 10 වනදා දක්වා පෙ.ව 10.00 සිට ප.ව 5.00 දක්වා කොළඹ 07 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී පැවැත්වේ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.