Published on: දෙසැම්බර් 2, 2022

ජනපති සහ මාලදිවයින් උප ජනපති හමු වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලදිවයින් උප ජනාධිපති ෆයිසාල් නසීම් (Faisal Naseem) මහතා අතර හමුවක් අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාලදිවයින් උප ජනාධිපතිවරයාව ඉතා සුහදශීලිව පිළිගත් අතර සුහද කථා බහකින් අනතුරුව නායකයන් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා සහාය වන ලෙස මෙහිදී මාලදිවයින් උප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ ක්‍රියාවලියේ දී මෙන්ම අධි සුඛෝපබෝගි සේවා භුක්තිවිඳින සංචාරකයන් මෙරටට ආකර්ශණය කර ගැනීම වෙනුවෙන් ලබාදිය හැකි සහාය පිළිබඳව ද මාලදිවයින් උප ජනාධිපතිවරයා දැනුවත් කළේය.

යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමේ ප්‍රයත්නය සමඟ එක්වන ලෙස ද ජනාධිපතිවරයා මාලදිවයින් උප‍ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඉන්දියන් සාගර කලාපයට බලපා ඇති මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳවත්, එය මැඩලීම සඳහා එක්ව කටයුතු කිරිම පිළිබඳවත් මෙහිදී නායක දෙපළ සාකච්ඡා කළහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.