Published on: දෙසැම්බර් 29, 2023

2023 වසරේ සියලු අනුමත ගෙවීම් සඳහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය විසින් නිදහස් කෙරේ

පාර්ලිමේන්තුව විසින් අනුමත කළ 2023 වසරේ අයවැය ප්‍රතිපාදනවලට යටත්ව 2023 වසරේ දෙසැම්බර් 15 දක්වා සියලු රජයේ ආයතන විසින් සහතික කරන ලද සියලුම බිල්පත් සඳහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය විසින් මේ වන විට නිදහස් කිරීමට කටයුතු කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

පසුගිය වසර 25ක කාලය තුළ වසරක් තුළදී එම වසරේ අනුමත සියලු ගෙවීම් පියවූ එකම වසර බවට ඒ අනුව 2023 වසර පත්වේ.

තවද 2022 වසරේ දෙසැම්බර් මස වන විට ඊට පෙර මාස 18කට අධික කාලයක් තුළ එකතු වී ගෙවිය යුතුව තිබූ හිඟ විශ්‍රාමික පාරිතෝෂිත ද ඇතුළුව 2023 වසරේ දෙසැම්බර් 19 දක්වා එදිනට විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා ද විශ්‍රාමික පාරිතෝෂිත දීමනා නිසි පරිදි ගෙවීමට අවශ්‍ය අරමුදල්ද මහා භාණ්ඩාගාරය විසින් නිදහස් කර ඇතැයි මුදල් අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.