ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය බලාත්මක කිරීම පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල අදහස් හා යෝජනා 2023-08-15 වන දින හෝ එදිනට පෙර ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් එම පක්ෂ හා කණ්ඩායම්වල නායකයන්ට ලිඛිතව දැනුම් දී තිබේ.
ජාතික සංහිඳියාව ඇති කිරීමේ පියවරක් ලෙස 2023-07-26 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවනු ලැබූ සර්ව පාක්ෂික සමුළුවේ දී ඇතිකරගත් එකඟතාව අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් මෙම දැනුම් දීම සිදු කර ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.