Published on: ජූනි 16, 2024

හජ් සුබපැතුම් පණිවිඩය

ආධ්‍යාත්මික හා ලෞකික වශයෙන් ජයග්‍රහණය ලැබීමට නම් මිනිසා ආත්මාර්ථයෙන් මිදී පරිත්‍යාගයෙන් සහ සහජීවනයෙන් දිවි ගෙවීමට හුරු පුරුදු විය යුතුය.

ඒ උතුම් වූ පරමාර්ථය මුල් කර ගනිමින් වසරක් පාසා මුස්ලිම් ජනතාව හජ් උත්සවය සමරති.

ලොව පුරා විසිරි සිටින සියලු ඉස්ලාම් බැතිමතුන් එකම අරමුණකින් එකම පූජා භූමියකට රැස්ව මනුෂ්‍යත්වයේ අපේක්ෂාව වන සාමුහිකත්වයේ අගය ප්‍රාර්ථනා කිරීම මෙදින සිදු වෙයි.

ලෝක වාසී සියලු මනුෂ්‍යයන්ගේ සමානාත්මතාවය සහ සහෝදරත්වය පිළිබඳ හැඟීම් ජනිත කරවන හජ් සැමරුම ලෝක සාමය උදෙසා ද මහඟු පණිවිඩයක් ලබා දෙන බව මාගේ විශ්වාසයයි.

එකම අරමුණක බැඳී මනුෂ්‍යත්වයේ අපේක්ෂාවන් ජයග්‍රහණය කිරීමට සියලුදෙනා එක්වන ප්‍රීතිමත් හජ් සැමරුමකට ශ්‍රී ලංකික මෙන්ම ලෝකවාසී සමස්ත මුස්ලිම් ජනතාවට මාගේ සුභාශීංසන එක් කරමි.

රනිල් වික්‍රමසිංහ,
ජනාධිපති,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.