“කිසිවෙක් අත්හැරෙන්න දෙන්න එපා” යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලැබීම සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනේ අයදුම්පත් කැඳවීම අද (28) දිනයෙන් අවසන් බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.
රාජ්‍ය සුබසාධක ප්‍රතිලාභ බලාපොරොත්තු වන මිලියන 2.4 ක අයදුම්කරුවන් මේ වන විට සුබසාධක ප්‍රතිලාභ දත්ත පද්ධතියේ ලියාපදිංචි වී සිටින බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
ඉලක්කගත ප්‍රජාවෙන් 70%ක පමණ තොරතුරු මේ වන විට පද්ධතිගත කර ඇති අතර ඉතිරි 30%ක අයදුම්පත් ප්‍රමාණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ගොනුගත වී ඇති බවත් තවත් මිලියන 1.5ක දත්ත ප්‍රමාණයක් කඩිනමින් පද්ධතිගත කිරීමට සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් කටයුතු කරමින් සිටින බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය.
වැඩසටහනේ දෙවන අදියර වශයෙන් අයදුම්කරුවන්ගේ නිවාස වෙත ගොස් තොරතුරු සංගණනය සිදු කෙරන අතර, එම කටයුතු නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දන්වා සිටී.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.