Published on: අගෝස්තු 19, 2023

සාගල රත්නායක මහතා ඓතිහාසික බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ ආගමික වතාවත්වලට එක් වෙයි

ඓතිහාසික බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය වෙනුවෙන් ඊයේ (18) පස්වරුවේ විහාරස්ථානය වෙත පැමිණි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක ද නිරත විය. කොළඹ හැව්ලොක්සිටි සාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේ ද එම අවස්ථාවට වැඩම කර සිටියහ.

හැත්තෑ තුන්වන වරටත් පැවැත්වෙන බෙල්ලන්විල වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ රන් සිවිලි පෙරහර ඊයේ රාත්‍රීයේ වීථි සංචාරය කෙරුණු අතර පෙරහර ආරම්භ කරමින් මංගල හස්ථි රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම ද සාගල රත්නායක මහතා අතින් සිදු විය.

ජූලි 29දා ආරම්භ කෙරුණු බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද වීථි සංචාරය කෙරෙන අතර පෙරහර මංගල්‍ය හෙටින් අවසන් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දෙහිවල, ගල්කිස්ස හිටපු නියෝජ්‍ය නගරාධිපති කේසරලාල් ගුණසේකර, බොරලැස්ගමුව හිටපු නගරාධිපති අරුණ ප්‍රියශාන්ත යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන් සහ බැතිමත්හු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.