Published on: ජනවාරි 25, 2023

සර්වපාක්ෂික හමුවක් හෙට ජනපති ප්‍රධානත්වයෙන්

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් හෙට (26) ප.ව 4.00ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සර්වපාක්ෂික හමුවට කථානායකවරයාට,

අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂනායකවරයාට මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ට ද ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ට ආරාධනා කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධූරයට පත්වීමෙන් පසු 2022 දෙසැම්බර් 13 දින කැඳවන ලද පක්ෂ නායක හමුවේ දී සාකච්ඡා වූ සංහිඳියාව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළ පිළිබද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරෙනු ඇති අතර ඒ පිළිබඳ පක්ෂ නායකයන්ගේ එකඟතාවක් ඇති කර ගැනීමට ද නියමිතය.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.