සබරගමුව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පත් කර තිබේ.
ඒ මහතා අද (13) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ සිය ධුරයෙහි දිවුරුම් දුන්නේය.
දිවුරුම් දීමෙන් අනතුරුව අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ සහ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තම උපරිම දායකත්වය ලබා දෙන බවයි.
පසුගිය කාලසීමාවේ රට ඉතා දුෂ්කර තත්ත්වයකට පත්වූවද ජනාධිපතිවරයාගේ නිවැරදි වැඩපිළිවෙළ හේතුවෙන් අද රට තුළ ධනාත්මක පරිවර්තනයක් සිදුව ඇති බව පෙන්වා දුන් ඒ මහතා එම වැඩපිළිවෙළ සමඟ එක්වෙමින් සබරගමුව පළාතේ දියුණුවට කැපවන බව ද කියා සිටියේය.
විශේෂයෙන් සබරගමුව පළාතේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශේෂ අවධානය යොමු කරන බව සඳහන් කළ ඒ මහතා සියලුම දේශපාලන පක්ෂ නායකයන්ගේ ආශිර්වාදයෙන් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තම අරමුණ බව ද කියා සිටියේය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.