Published on: මාර්තු 7, 2025

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දෙන ආයතනයක් බවට පත් කළ යුතුයි – ජනපති

කාර්යක්ෂම හා ඵලදායී ආයෝජන කෙරෙහි අවධානය යොමු කරමින් රක්ෂණ සංස්ථාව ඉදිරියේදී මෙරට ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දෙන ආයතනයක් බවට පත් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිලධාරින් සමඟ අද (07) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වත්මන් මෙහෙයුම් කාර්යයන් පිළිබඳව මෙහිදී සමාලෝචනයට බඳුන් කෙරුණු අතර, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පාඩු ලැබුවහොත් එහි සෘජු බලපෑමට ලක් වන්නේ එහි ආයෝජනය කර ඇති ජනතාව වන බැවින් නිසි කළමනාකරණයක් මඟින් එය වඩා ලාභදායී රාජ්‍ය ව්‍යවසායක් ලෙස පවත්වා ගෙන යා යුතු බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති නුසිත් කුමාරතුංග මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.