Published on: නොවැම්බර් 11, 2022

ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්වූ නව තානාපතිවරු සත් දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති

ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව පැමිණි නව තානාපතිවරු අට දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

මෙක්සිකෝ, භූතානය, පැරගුවා, ලක්ෂම්බර්ග්, රුසියාව, ඕමානය සහ ප්‍රංශය සඳහා නව තානාපතිවරුන් ද ඝානා රාජ්‍ය සඳහා මහකොමසාරිස්වරයෙක් ද මෙලෙස පත්ව සිටිති.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මෙක්සිකෝ නව තානාපති ලෙස ෆෙඩෙරිකෝ සලාස් ලොට්ෆේ (Federico Salas Lotfe) මහතාත්, ශ්‍රී ලංකාවේ භූතාන නව තානාපතිවරයා ලෙස රින්චෙන් ක්වෙන්සිල් (Rinchen Kuentsyl) මහතාත්, ශ්‍රී ලංකාවේ පැරගුවා නව තානාපතිවරයා ලෙස ෆ්ලෙමින් රවුල් ඩෝටේ (Fleming Raul Duatre) මහතාත්, ඝානා රාජ්‍යයේ නව මහකොමසාරිස් ලෙස ක්වාකු අසෝමා චෙරමේ (Kwaku Asomah Cheremeh) මහතාත්, ලක්ෂම්බර්ග් රාජ්‍යයේ නව තානාපතිනිය ලෙස පෙගි ෆැන්සන් (Peggy Frantzen) මෙනවියත්, රුසියා නව තානාපති ලෙස ලෙවාන් Zගාරියන් (Levan Dzhagaryan) මහතාත්, නව ඕමාන තානාපතිවරයා ලෙස අහමඩ් අලී සයිඩ් අල් රෂ්ඩි (Ahmed Ali Saeed Al Rashdi) මහතා හා ප්‍රංශ නව තානාපතිවරයා ලෙස ජෝන් ෆ්‍රැන්කෝ පැක්ටේ Jean-Francois Pactet මහතාත් කටයතු කරනු ඇත.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.